අතීතයට අයත් වූ සෑම දෙයක්ම ඉතිහාසයයි. මිනිසාගේ ආරම්භයේ සිටම සිදුවූ සෑම දෙයක්ම ඉතිහාසයට ඇතුළත්ය. පෘතුවියේ ඉතිහාසය මිලියන හාරසිය පනස් වසරකට වඩා ඈතට දිව යන බව විද්වත් මතයයි.
වර්තමානය හා අනාගතය අනිවාර්යයෙන් ම අතීතයෙන් ගොඩ නැගෙන අතර එහි සලකුණු එහි නිතැනින්ම දක්නට ලැබෙනු ඇතැයි ද එම ඉතිහාසය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව ගෙයක් ඉදි කිරීම හා සමාන යැයිද ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන ශ්‍රී ජවහල් ලාල් නේරු තුමා පවසා ඇත.
මෙයින් පෙනී යන්නේ අතීතය සමග වර්තමානයේ පවතින මනා සබඳතාවයයි. මිනිසා දිනෙන් දිනම ඉදිරියට ගමන් කරන්නේ අතීතයේදී ඔවුන් කළ කී දේවල් අනුවය. ඉතිහාසය අමතක කර දමා වර්තමානය ගැන සිතන්නේ නම් අපට අනාගත අරමුණු කරා ළඟා වීම අතිශය දුෂ්කර කටයුත්තක් වනු නොඅනුමානය. මෙනිසා ඉතිහාසය පිළිබඳව දැනුවත් ව සිටීම සකල ලොක වාසීන්ටම සිය අනාගත ලෝකය ගොඩනගා ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.
Niyamai
ReplyDeleteNiyamai
Mata oni vela thibbe mekama thama
Niyamai
ReplyDeleteThanks
ReplyDelete