ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරිය හැකි මූලාශ්‍ර
1. දේශීය ග‍්‍රන්ථ මූලාශ්‍ර
- දීප වංශය- මෙය ලංකා ඉතිහාසය ගැන මුලින්ම ලියැවී ඇති ග‍්‍රන්ථය ලෙස සැලකේ. ක‍්‍රි. ව. පළමුවන සියවසට පෙර රචනා වූවක් ලෙස සැලකෙන මෙයින් මහසෙන් රජතුමා දක්වාතොරතුරු ඉදිරිපත් කර ඇතත් ඉතිහාස මූලාශ්‍රයක් ලෙස භාවිතා කිරීමේ දී බොහෝ අඩුපාඩු වලින් යුත් ග‍්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය.
- මහා වංශය-ක‍්‍රි. ව. 6 වන සියවසේ විසූ මහා විහාරවාසී හිමි නමක් වන මහානාම හිමි විසින් මහා වංශය රචනා කර ඇතැයි සැලකේ. ශ්‍රී ලාංකීය ඉතිහාසය ගැන ලියැවුනු විශාලතම ග‍්‍රන්ථය වන්නේ මහා වංශයයි. දීප වංශය රචනා කිරීමේදී පැවති අඩුපාඩු මග හරවා තිබීම මහා වංශයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. මෙම කෘතිය රචනා කොට ඇත්තේ එතෙක් තිබූ පාලි අට්ටකථා, පිං පොත් ආදිය උපුටා ගනිමිනි. මහා වංශයේ එන බොහෝ කරුණු විවිධ ශිලා ලේඛන වලින්පවා තහවුරු වී තිබේ. මහා වංශය තුළ බහුලව ලෞකික තොරතුරු අඩංගු වුවත් ඒ සියල්ලටම වඩා සිය කෘතිය තුළින් ආගමික ඉතිහාසයක් ගොඩනැංවීමට උත්සාහ දරා ඇත. එනිසාම මහා වංශයේදී පැරණි දේශපාලන තන්ත‍්‍ර හා ආර්ථික රටාව පිළිබඳව ලියැවිය යුතු දේ මග හැරී ඇතැයිද සඳහන් කළ යුතුය. මහා වංශයේ පළමු කොටසෙන් ‘මින්නේරි දෙවියන්‘ ලෙස විරැදාවලි ලත් මහසෙන් රජතුමාගේ පාළන සමය දක්වා විස්තර ඉදිරිපත් කර ඇත. එහෙත් ඉන් පසුද විවිධ යතිවරයානණ් වහන්සේලා විසින් මහා වංශයේ ඉතිරි පරිච්ඡේද රචනා කර ඇත.
No comments:
New comments are not allowed.