සිංහලේ රාජ වංශය- ප‍්‍රාග් ඓතිහාසික යුගය

සිංහලේ රාජ වංශය
      සිංහල රාජ වංශය යුග කිහිපයකට බෙදා දැක්විය හැකිය.
1.මනු රාජ වංශය
          මෙය පුරාණ දඹදිව පැවති රාජ වංශයක් බවට ඇතැම්හු මත පළ  කරති.එහෙත් හෙළ හවුළ පවසන්නේමෙය ලක්දිව පැවති මුල්ම රාජ වංශය බවයි. කරුණු සලකා බැලීමේදී හෙළ හවුළේ අදහස වඩාත් විශ්වාස දායක වේ. මන්ද යත් ඓතිහාසික පුරාවෘත්තවලට අනුවත් ජන ඇදහිලි හා විශ්වාසයන් අනුවත් මනු රජවරැන් හෙළයේ රජ කළ බව විශ්වාස කළ හැකි බැවිනි.
         මනු රාජ වංශයේ මුල්ම රජු මෙන්ම හෙලයේ පළමු රජු ලෙස සැලකෙන්නේ මහා සම්මත මනු රජතුමාය. ඔහුගේ පරපුරේ රජවරු 28ක් රජ කර ඇතැයි බෝධි වංශයේ සඳහන්වේ. බෝධි වංශයේ සඳහන් එම කොටස මෙසේය.
  “මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වීයැ.
   රෝජයා පිත් වර රෝජ නම් වීයැ.
   වර රෝජයා පිත් කල්‍යාණ නම් වීයැ.
   වර කල්‍යණයා පිත් උපෝසථ නම් වීයැ.
   ඔහු පිත් කාම භෝගීනට අග්ර වු මහා මන්දාතු නම් වීයැ.
   මහා මන්දාතු නරපතීහු පිත් වර නම් වීයැ.
   වරයා පිත් උපවර නම් වීයැ.
   උපවරයා පිත් චේතිය නම් වීයැ.
   ඔහු පිත් මූවල නම් වීයැ.
   මූවලයා පිත් මහා මූවල නම් වීයැ.
   ඔහු පිත් මුචලින්ද නම් වීයැ.
   ඔහු පිත් සාගර නම් වීයැ.
   සාගරයා පිත් සාගර නම්ම වීයැ.
   ඔහු පිත් බරත නම් වීයැ.
   බරතයා පිත් භගිරථ නම් වීයැ.
   භගිරථයා පිත් රුවි නම් වීයැ.
   ඔහු පිත් සුරුවි නම් වීයැ.
   ඔහු පිත් ප්රතාප නම් වීයැ.
   ඔහු පිත් මහා ප්රතාප නම් වීයැ. 
   ඔහු පිත් පණාද නම් වීයැ. 
   ඔහු පිත් පස් විසි යොදුන්රත්න ප්රවසාදයෙකු වූ සූ මහා පණාද නම්  රජෙක්  වීයැ.
   ඔහු පිත් සුදර්ශන නම් වීයැ.
   ඔහු පිත් සත්රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්රවර්ති රජෙක් වියැ. 
   මහා සුදර්ශනයා පිත් නේරු නම් වීයැ. 
   ඔහු පිත් මහා නේරු නම් වීයැ. 
   ඔහු පිත් අර්චිශ්මත් නම් වියැ.
   මේ මහා සම්මත රජහුගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ සසඞක්‍යා යුෂ්ක රජ දරුවෝ අට විසි දෙනෙක්....
                                   මේ අනුව මහා සම්මත මනු රජතුමාගේ පරපුරෙන් පැවත ආ රජවරු 28 දෙනා මෙසේය.
1 . මහා සම්මත මනු රජතුමා         2. රෝජ මනු රජතුමා
3.  වර රෝජ මනු රජතුමා             4. කල්‍යාණ මනු රජතුමා
5.  වර කල්‍යාණ මනු රජතුමා        6. උපෝසථ මනු රජකුමා
7.  මහා මන්ධාතු මනු රජතුමා       8. වර මන්ධාතු මනු රජතුමා
9.  චේතිය මනු රජතුමා                10.මූවල මනු රජතුමා
11. මහා මූවල මනු රජතුමා          12. මුචලින්ද මනු රජතුමා
13. සාගර මනු රජතුමා                 14. දෙවන සාගර මනු රජතුමා
15. භරත මනු රජතුමා                  16. භගිරථ මනු රජතුමා
17. රුවි මනු රජතුමා                    18. සුරුවි මනු රජතුමා
19. ප‍්‍රතාප මනු රජතුමා                 20. මහා ප‍්‍රතාප මනු රජතුමා
21. පණාද මනු රජතුමා                 22. මහා පණාද මනු රජතුමා
23. සුදර්ශන මනු රජතුමා              24.මහා සුදර්ශන මනු රජතුමා
25. නෙරුප මනු රජතුමා               26. මහා නෙරුප මනු රජතුමා
27. අසිරිමත් මනු රජතුමා             
28. (චේතිය මනු රජතුමාගේ පුතුන් පස් දෙනෙකු රජකම් කර ඇතත් බෝධි වංශයේ සඳහන් වන්නේ ඉන් මුවල, මහා මූවල, මුචලින්ද යන නම් පමනි. මුචලින්ද මනු රජුට පසුව රජ කල චේතිය රජුගේ පස්වන පුතු සමග රජවරු ගණන 28 කි.)


                          මහා සම්මත මනු රජතුමා
                                             මහා සම්මත යන්නෙහි අර්ථය ජන සම්මුතියෙන් තෝරා ගත් යන්නයි. දේශපාලන විද්‍යාවට අනුව රාජ්‍ය සංකල්පය බිහිවූ මුල් අවධියේ ජනතාව දමන්ට සුදුසු පාලකයෙකු පත් කර ගන්නා ලද්දේ සම්මුතියකට එළැඹීමෙනි. හෙළයේ ආදි ජනතාව තමන්ට සුදුසු පාලකයෙකු පත් කර ගැනීමේදි මහා සම්මත න්‍යාය අනුගමනය කර ඇතැයි සිතිය හැකිය. මහා සම්මත මනු රජු හෙළයේ මුල්ම පාලකයා ලෙස බිහි වන්නට ඇත්තේ ඒ අනුව වන්නට ඇත.


මහා සම්මතයෙන් රජ නෙනෙකු පත් කර ගැනීමේ පුරාවෘත්තය 
              එකළ හෙළය හඳුන්වන ලද්දේ “වරදීප“ නමිනි. දේශයේ වැසියන්ට තමන් සඳහා නායකයෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ සඳහා සුදුස්සෙක් තෝරා ගැනීමට ඉදිරිපත් වන්නැයි සඳහන් කරමින් රට පුරා අණබෙරයක් ද යවන ලදී.
එම අනබෙරය මෙසේය.
සියලු අංගං සටන් දන්නා
සියලු කරදරවලින් හෙළය බේරා ගත හැකි
දහිරි බලයෙන් රාජ්යන කිරීමට හැකි
කෙනෙක් ඉන්නවනම් වරෙල්ලා.... 
          අණ බෙරකරු මාතර ප‍්‍රදේශයට පැමිණියේය. එවෙලේ ගොවි තරුණයෙකු වූ මනු සිටියේ තම කුඹුරේ වැඩ කරමිනි. අනබෙරකරු නැවැත්වූ හෙතෙම මඩ සෝදාගෙන ගොඩට පැමිණියේ දැවැන්ත ලී කණුවක්ද ඔසවාගෙනය. එම ලී කනුව වරිග සභාව තෙක් ම ඔසවාගෙන ගිය මනු කණුව බිම සිටුවා ඒ මත නැගී තනි කකුළෙන් සිට ගත්තේය. අනතුරුව බිම සිටගෙන සිටින දුනුවායින් 16 ක් කැඳවා ඊතලවලින් විදින ලෙස නියෝග කළේය. දුනුවායෝ දහසය දෙනාම එකවර විදින ඊතලවලට මනු සිය කඩුවෙන් පහර දුන්නේ ඊතල කැපී නෙළුම් මල් ආකාරයෙන් බිම වැටෙන ආකාරයටය. 
         මනු අංගම් සටනෙහි සූරයෙකුද විය. එම ස්ථානයට ඉදිරිපත්ව සිටි සියලු අංගම් සූරයන් පැරදවු විට ජනතාව ඔහුව ස්වකීය රජතුමා ලෙස පත් කර ගත්හ.


ඉහත පුරාවෘත්තයට අනුව මනු පැමිණ ඇත්තේ මාතර ලෙස අද හැඳින්වෙන ප‍්‍රදේශයේ සිටය. එහෙත් යුරෝපීය විද්වතුන් වන රෝලින්සන්, ‍කොන්ග්රිස්ටන් වැනි අය පවසන්නේ මොහු ලංකාවේ රජ කළ අයෙකු නොව උතුරු ඉන්දියාවේ රජ කළ අයෙකු බවයි. මෙම විද්වතුන් ස්වකීය මතය ගෙන හැර දැක්වීමට උත්සාහ දැරීමක් කර ඇතුවා මිස පෙරදිග පැවති ඓතිහාසික පුරාවෘත්තයන්, පුරාණ යතිවරුන්, ලේඛකයන්, ජන ඇදහිලි හා විශ්වාස ගැඹුරින් අධ්‍යනය කර ඇති බවක් නොපෙනෙයි. යුරෝපීය විද්වතුන්ගේ මතය අනුව මහා සම්මත මනු රජු ජීවත් වූ යුගය මීට වසර 30000 කට පෙර යුගයයි. එහෙත් මුනිදාස කුමාරතුංගයන්  ප‍්‍රමුඛ හෙළ හවු‍ළේ අදහස මෙම රජු විසූ යුගය මීට වසර 28000 කට ආසන්න යුගය බවයි.
             
මහා සම්මත මනු රජුගේ අගනුවර   
                     අරිසෙන් අහුබුදු පියතුමා පවසන ආකාරයට මහා සම්මත මනු රජ සිය අගනුවර කරගෙන ඇත්තේ මන්නාරම ප‍්‍රදේශයයි. අහුබුදු ශූරීන්එයට මනා ඉඟියක් ද සපයන්නේ මන්නාරම යන නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇති ආකාරයද විස්තර කරමිනි. එතුමාගේ අදහසට අනුව,
මනු-ආ-අරම යන වදනෙහි පූර්වාපර සන්ධි ගැළපීමෙන් මන්නාරම යන නම ලැබී ඇත.
                    එකළ මන්නාරම  රට මැද තිබූ නගරයක් වන්නට ඇත. ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් චන්ද්රිකා ඡයාරූප ඔස්සේ කරන ලද පරීක්ෂණ වලදී ලංකාව එවකට මැඩගස්කරය,මාලදිවයින් ආදී රටවල්ද පිහිටි වපසරිය ඉක්මවා ගිය සුවිසල් රාජ්‍යයක් ව තිබෙන්නට ඇතැයි මත පළ කර ඇත.
                         මහා සම්මත මනු රජ අංගම්පොර ශූරයෙකු වීමෙන් පෙනී යන්නේ මෙම මහා සටන් ක‍්‍රමය මීට වසර 30000 කට පෙරද වඩාත් දියුණු තත්වයක පැවති බවයි. එමෙන්ම මෙම රජතුමා ගොවියෙක් ලෙස කටයුතු කර තිබේ. ඒ අනුව පුරාණ හෙලය කෘෂිකාර්මික ජීවන රටාව මත පදනම් වූ දේශීය ආර්ථික ක‍්‍රමයකින් පෝෂණය වී තිබෙන්නට ඇත.
                        ශ්‍රී හෙළයේ පුරාණ නර්තන ක‍්‍රමයක් ලෙස කෝළම් හැඳින්විය හැකිය. මෙය මහා සම්මත මනු රජ දවස උපත ලැබුවක් යැයි මතයක් පවතී.


කෝළම් සම්ප‍්‍රදායේ උපත 
                   මහා සම්මත මනු රජුගේ බිසව වූයේ මැණික් පාලි දේවියය.රජතුමා බිසවට දැක්වූයේ මහත් ඇල්මකි. මැණික්පාලී බිසවට කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටියදී ඇයට ඇතිවුනු දොළදුකක් සංසිඳවීමට ඇය සිනහ ගන්වන යමක් කවුරුන් විසින් කළ යුතුවිය. රජතුමා කොතරම් විහිළුකාරයන් ගෙන්වා බිසව සිනහා ගැන්වීමට උත්සාහ කළද එය සාර්ථක නොවිණ. අවසානයේදී සිය දේවිය සිනහා ගැන්වීමට සමත් යමෙක් වේනම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා රට පුරා අණබෙර කරුවන් යැවීය.
                 අම්බලන්ගොඩ ‌‍ප‍්‍රදේශයේ නැටුම් ශිල්පීන් පිරිසක් අණබෙර කරු නවතා වගකීම භාරගෙන රජ මාලිගාවට පැමිණියහ.මෙම පිරිස කදුරු ලීයෙන් කපන ලද වෙස් මුහුණු පැළඳ කරන ලදරංගනය නැරඹූ මැණික්පාලී බිසව මහ හඬ නගා සිනාසෙන්නට වූවාය. දේවිය සිනහා ගැන්විමට තරම් සමත් වූ මෙම නැටුම් විශේෂය එතැන් සිට කෝළම් ලෙස නම් ලැබූ බව පැරණි ජන ප‍්‍රවාදවල සඳහන්ය. (ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ කෝළම් සඳහා යොදා ගන්නා කදුරු ලීයෙන් කපන ලද විවිධ කෝළම් චරිත නිරූපනය කරන වෙස් මුහුණුය.)
                 මේ අනුව මහා සම්මත මනු රජු දක්ෂ සටන් කරුවකු පමණක් නොව කලාවට හිතැති රසකාමියෙකු වූ බවද පෙනීයයි.