Sunday, 15 May 2011

ශී‍්‍ර ලංකා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරිය හැකි මූලාශ්‍ර
1. දේශීය ග‍්‍රන්ථ මූලාශ්‍ර
  • දීප වංශය- මෙය ලංකා ඉතිහාසය ගැන මුලින්ම ලියැවී ඇති ග‍්‍රන්ථය ලෙස සැලකේ. ක‍්‍රි. ව. පළමුවන සියවසට පෙර රචනා වූවක් ලෙස සැලකෙන මෙයින් මහසෙන් රජතුමා දක්වාතොරතුරු ඉදිරිපත් කර ඇතත් ඉතිහාස මූලාශ්‍රයක් ලෙස භාවිතා කිරීමේ දී බොහෝ අඩුපාඩු වලින් යුත් ග‍්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය.
  • මහා වංශය-ක‍්‍රි. ව. 6 වන සියවසේ විසූ මහා විහාරවාසී හිමි නමක් වන මහානාම හිමි විසින් මහා වංශය රචනා කර ඇතැයි සැලකේ. ශ්‍රී ලාංකීය ඉතිහාසය ගැන ලියැවුනු විශාලතම ග‍්‍රන්ථය වන්නේ මහා වංශයයි. දීප වංශය රචනා කිරීමේදී පැවති අඩුපාඩු මග හරවා තිබීම මහා වංශයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. මෙම කෘතිය රචනා කොට ඇත්තේ එතෙක් තිබූ පාලි අට්ටකථා, පිං පොත් ආදිය උපුටා ගනිමිනි. මහා වංශයේ එන බොහෝ කරුණු විවිධ ශිලා ලේඛන වලින්පවා තහවුරු වී ති‍බේ. මහා වංශය තුළ බහුලව ලෞකික තොරතුරු අඩංගු වුවත් ඒ සියල්ලටම වඩා සිය කෘතිය තුළින් ආගමික ඉතිහාසයක් ගොඩනැංවීමට උත්සාහ දරා ඇත. එනිසාම මහා වංශයේදී පැරණි දේශපාලන තන්ත‍්‍ර හා ආර්ථික රටාව පිළිබඳව ලියැවිය යුතු දේ මග හැරී ඇතැයිද සඳහන් කළ යුතුය. මහා වංශයේ පළමු කොටසෙන් ‘මින්නේරි දෙවියන්‘ ලෙස විරැදාවලි ලත් මහසෙන් රජතුමාගේ පාළන සමය දක්වා විස්තර ඉදිරිපත් කර ඇත. එහෙත් ඉන් පසුද විවිධ යතිවරයානණ් වහන්සේලා විසින් මහා වංශයේ ඉතිරි පරිච්ඡේද රචනා කර ඇත.

ශී‍්‍ර ලංකා ඉතිහාසය

ශී‍්‍ර ලංකා ඉතිහාසය

ඉතිහාසය යනු කුමක්ද?

ඉතිහාසය යනු කුමක්ද?
අතීතයට අයත් වූ සෑම දෙයක්ම ඉතිහාසයයි. මිනිසාගේ ආරම්භයේ සිටම සිදුවූ සෑම දෙයක්ම ඉතිහාසයට ඇතුළත්ය. පෘතුවියේ ඉතිහාසය මිලියන හාරසිය පනස් වසරකට වඩා ඈතට දිව යන බව විද්වත් මතයයි.
වර්තමානය හා අනාගතය අනිවාර්යයෙන් ම අතීතයෙන් ගොඩ නැගෙන අතර එහි සලකුණු එහි නිතැනින්ම දක්නට ලැබෙනු ඇතැයි ද එම ඉතිහාසය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව ගෙයක් ඉදි කිරීම හා සමාන යැයිද ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන ශ්‍රී ජවහල් ලාල් නේරු තුමා පවසා ඇත.
මෙයින් පෙනී යන්නේ අතීතය සමග වර්තමානයේ පවතින මනා සබඳතාවයයි. මිනිසා දිනෙන් දිනම ඉදිරියට ගමන් කරන්නේ අතීතයේදී ඔවුන් කළ කී දේවල් අනුවය. ඉතිහාසය අමතක කර දමා වර්තමානය ගැන සිතන්නේ නම් අපට අනාගත අරමුණු කරා ළඟා වීම අතිශය දුෂ්කර කටයුත්තක් වනු නොඅනුමානය. මෙනිසා ඉතිහාසය පිළිබඳව දැනුවත් ව සිටීම සකල ලොක වාසීන්ටම සිය අනාගත ලෝකය ගොඩනගා ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.